Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලීසිං සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාර්යය ගැන විශේෂ දැනුම් දීමක්

  ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාර්යය පිළිබඳ පොලිස්පති සී ඩී වික්‍රමරත...

 


ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාර්යය පිළිබඳ පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් උසස් පොලිස් නිලධාරීන් ලිපි මගින් දැනුවත් කර තිබෙනවා.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් මෙලෙස දැනුවත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඒ අනුව කල්බදු මූල්‍යකරණ පනත යටතේ උපකරණයක සන්තකය ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත පෙර දැනුම්දීමක් සිදුකළ යුතුයි. 


එලෙස බදු දීමනාකරු හෝ බලය පැවරුනු නියෝජිතයා විසින් පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් සිදුකිරීමේදී තොරතුරු සටහන් පොතෙහි එම ප්‍රකාශය සටහන් කිරීම හෝ ලිඛිත ප්‍රකාශයක් නම් එය තොරතුරු පොතේ ඇලවීමට පියවර ගත යුතු බවයි පොලිස්පතිවරයා මෙහිදී දැනුම් දී ඇත්තේ.


නෛතික ප්‍රතිපාදන අනුව අදාළ උපකරණයේ සන්තකය තබා ගැනීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ අදාළ තැනැත්තාගේ ප්‍රතිරෝධයක් නොමැති නම් පමණි. එලෙස උපකරණයේ සන්තකය ලබාගැනීමකදී ප්‍රතිරෝධය පෑමක් එල්ල වන විට බදු දීමනාකරු විසින් සිදුකළ යුත්තේ පනතේ ප්‍රතිපාදනවලට අනුව දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීම බවයි පොලිස්පතිවරයා මෙහිදී සිය ලිපිය මගින් දැනුවත් කර ඇත්තේ. 

No comments

Ads Place