Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

 මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා අසාදිතයින් 492 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ පිටකොටුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 37...


 මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා අසාදිතයින් 492 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ පිටකොටුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩි 19 පැතිරීම  වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


අම්පාර ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේදි ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වි තිබෙනවා. ඊයේ දිනයේදී කොළඹ දිස්ත‍්‍රක්කයෙන් ආසාදිතයින් 103ක්, ගම්පහ දිස්තී‍්‍රක්කයෙන් ආසාදිතයින් 88ක්, අම්පාර දිස්ත‍්‍රීක්කයේන ආසාදිතයින් 48ක් සහ නුවරඑළිය දිස්ත‍්‍රීක්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වුණා. 


මේ අතර මේ වන විට ඔක්ස්ෆර්ඕ ඇස්ට‍්‍රසෙනිකා එන්නත පුද්ගලයින් තුන්ලක්ෂ හැටහයදහසකට අධික පිරිසකට ලබාදී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.


පොලිස් නිලධාරීන් පහලොස්දහසකට අධික සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place