Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු ලේකම් එහෙම ඇහුවෙ නැතොත් නපුංසකයෙක්…- ඩිලාන්

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් අදහසක් පළ කිරීමට ඇමැති විමල් වීරවංශ මහතාට අයිතියක් ඇති සේම එම අදහසට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ශ්‍රී ල...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් අදහසක් පළ කිරීමට ඇමැති විමල් වීරවංශ මහතාට අයිතියක් ඇති සේම එම අදහසට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාට ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එසේ ප්‍රතිචාර දක්වා නොසිටියහොත් මහලේකම්වරයාට නපුංසකයෙක් යයි සිතෙනු ඇතැයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද පැවසීය.

ප්‍රධාන විපක්ෂය වෙච්ච සමඟි ජන බලවේගයත් ජෙ.වි.පි යත් පසුගිය මාස ගණනාවක් විවිධ කාරණා කිහිපයක එල්ලිලා අවසානයේ නැගෙනහිර ජැටියේ එල්ලිලා ඉඳලා ජැටියත් හරි ගිහින් නැති නිසා ගහක එල්ලිලා. දැන් තමයි හොඳම තැනක එල්ලිලා ඉන්නේ. ඔවුන් එල්ලිලා හිටිච්ච කාරණාවලම ජනතාව නොමග යවන එකක්.

ගෝඨාභය රාජපක්ෂ ජානාධිපති වෙච්ච ගමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කොවිඩ් වසංගතයේ පළමු රැල්ල පාලනය කර ගන්න බෑ කියලා කෑ ගහනවා. එක නිසා පරණ පාර්ලිමේන්තුවට කැදවන්න කියලා. ඒත් WHO ලෝකයම කොවිඩ් වසංගතය පාලනය කර පරමාදර්ශ රටක් ශ්‍රී ලංකාව කියලා අත ඇරියා. අද මේ වන කොට තුන්වෙනි රැල්ල හතරවෙනි රැල්ල එන්න තිබ්බා සජිත් ප්‍රේමදාස ආණ්ඩුව ගත්තනම්. ඊළඟට එල්ලුණා MCC ගිවිසුමෙත් ඔවුන් එල්ලුණා. MCC ගිවිසුම අපි එකට අත්සන් කරනවා කිව්වා. අවසානයේ අපි MCC ගිවිසුම අත්සන් කරේ නෑ.

හැබැයි මේ රටේ තියෙන ආණ්ඩුව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙවේනම් මේ ගිය ආණ්ඩුව ඔය ගිවිසුමට අත්සන් කරනවා.ඊට පස්සේ එල්ලුනා නැගෙනහිර ජැටියේ. අපි නැගෙනහිර ජැටිය විකුණන් ගියේවත් බදු දෙන්නවත් ගියේ නෑ. ආයෝජන කාර්යයක් කෙරේ. නැගෙනහිර ජැටියේ ප්‍රශ්න විසඳුනා. හැබැයි සජිත් ප්‍රේමදාස ආණ්ඩුවනම් මේ ජැටිය දිලා.

දැන් ගහේ එල්ලිලා මධ්‍යම අධිවේගි මාර්ගය අවුරුදු ගාණක් හඳන්න බැරි වුණා. දැන් ඒක හඳනකොට කියනවා ගහ බේරගන්න කියලා. පරිසරය ආරක්ෂා කරන්න කියලා කවුරුත් කියන්න ඔනේ නෑ ජනාධිපතිට.

අතිගරු ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වල ඉදපු කාලයේ ගස් ලක්ෂයක් හිටවල නගර අලංකරණය කරන සංකල්පය ලංකාවට හඳුන්වලා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. පරිසරයට ආදරය කරන ජනාධිපති කෙනෙක් ඉන්නේ. අපිට කියලා දෙන්න ඕනේ නෑ. ශක්තිමත් ගහක් පරණ ගහක් .ඔක්කෝටම එල්ලෙන්න පුළුවන්. මධ්‍යම අධිවේගි මාර්ගයත් හදනවා ගහත් බේර ගන්නවා.

සියලු කාර්ය එක්ක මාර්තු මාසයේ ජිනිවා මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා. දැන් මේ ආණ්ඩුව පත් වු‍ණේ නැත්නම් MCC ගිවිසුම අත්සන් කරලා නැගෙනහිර ජැටියත් දිලා ලංකාවත් සම අනුග්‍රහයත් අරගෙන ලංකාවේ අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා චෝදනවා සැසියේ තියෙනවා. අපි ආණ්ඩුවට ආවාම ඒ සැසියෙන් අයින්වුණා සම අනුග්‍රහයත්වයෙන්. අපිට ජිනිවා මානව හිමිකම් ගිහිල්ලා මුහුණ දීමට ශක්තියක් තියෙනවා. රටක් හැටියට සියලු රටවල් එක්ක ගණදෙණු තියාගන්න ඕන.

ඉන්දියාව සමඟ‍ විදේශ ප්‍රතිපත්තිය තියාගෙන ලොකු අක්කා සහ පොඩි මල්ලි කල්ලි කියන සංකල්පය තියා ගන්න ඕන. අපිට ලැබිච්ච බුදුදහම ලැබුණු ඉන්දියාවෙන්. ඉන්දියාව අපි ලොකු අක්කා හැටියට තියා ගන්න ඕන. අපි දිගින් දිගටම මැතිනිය කාලේ, මහින්ද මැතිතුමාගේ කාලයේ ගෝඨාභය මහත්මයාගේ කාලෙත් ඉන්දියාව සමඟ දැඩි කරගෙන මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. මානව හිමිකම් කොමිසමට පිළිතුරු දෙන්න ලේසි ඉන්දියාව සමඟ ගණුදෙනු කරද්දි.

අපේ හමුදාව යුධ අපරාදවලට චෝදනා ලබන්නේ කොහොමද. ප්‍රභාකරන්ගේ අම්මාව තාත්තව හමුදාව උර මත තියාගෙන ආවේ. ඒ වගේ මානුෂියත්වයක් තිබ්බේ අපේ හමුදාවට. රටවල් සෑම එකක්ම දන්න එකක් තමයි අපේ හමුදාව යුධ අපරාධ කරේ නෑ. ඉස්කෝලේ බෑග් අයින් කරලා ටී පනස් හය තුවක්කුව එල්ලා ළමයිනගේ අයිතිවාසිකම් නැති කරලා ඒ අයට නැවතත් අයිතිවාසිකම් ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා. උතුරේ ජනතාවට වෙනම පළාත් සභා හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ. සියලු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ලබා දුන්නේ ඒ ආණ්ඩුව තමය උදව් කරේ.

ඊයෙත් දැක්කා පාර්ලිමේන්තුවේ දි පොන්නම්බලම් මැතිතුමා බොහොම සහයෝගයේ අනියම් ලෙස සමූල ඝාතනය ඔවුන්ට ඔන විදිහට අර්ථ නිරූපණය කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙත් සමූල ඝාතණය කරා දැනුත් කරනවා කියලා කෑ ගහනවා. යුද්ධ කාලයේ LTT අය තමයි මිනිස්සු ඝාතනය කරේ. සභාරත්නම් මැරුවේ ආණ්ඩුවද නැ LTT අය .අමර්තලිංගම් කෝපි බිලා වඩි තියලා මැරුවේ LTT අය. දේමළ නායකයෝ විශාල ලෙස මැරුවේ LTT අය. ඒක කොහොමද ජෙනොසයිඩ් නෙවේ. අපි කරේ ජෙනොසයිඩ් නැති කර එක. ජෙනොසයිඩ් වචනය එයාලට ඕන විදිහට අර්ථ නිරුපණය කරමින් සැසියට යන්නේ.

ආණ්ඩුවට තියොන එකම් චෝදනාව තමයි සරත් වීරසේකර ඇමති කෙනෙක් කරා කියලා කෑ ගහනවා. දෙමළ සමුල ඝාතනය කරන කොට සරත් ෆොන්සේක හවුල්ද. එදා කතා කරේ කටින්ද.අද කතා කරේ කටින්ද? දේශපාලන වශයෙන් පටු වාසි ලබා ගන්න මනුෂ්‍ය ඝාතනය කරා කියලා කියනවා. ඒගොල්ලන්ට ඔන විදිහට සමූල ඝාතනය කරන්නත් නෑ කියන්නත බෑ.අපිව නටවන්න බෑ ඒගොල්ලන්ට.

කොරෝනා වසංගතයේ පළමු රැල්ල විතරක් නෙවේ WHO කොරෝනා රෝගය පාලනය කර දෙවැනි රැල්ල පාලනය කර ලෝකයේ 10 වෙනි නැතට ලංකාව පත් කරා.ජැටිය පැත්තෙන් බලලා විරුද්ධ පක්ෂයේ අය විවිධාකාරයේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න වුවත් අවසානයේ ගහේ එල්ලෙන්න හදන්නේ. ඒකෙත් එල්ලන බැරිවෙයි.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

No comments

Ads Place