Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයථා ලෙස කෝටි ගණනක මුදල් ඉපැයූ ජේලර්වරියකට එරෙහි විමර්ශන යට යයි

  කාන්තා රැඳවියන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් උපයා ගත් බවට මූලික විමර්ශනයකින් අනාවරණ වු කාන්තා ජේලර්වරියකට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ම...

 


කාන්තා රැඳවියන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් උපයා ගත් බවට මූලික විමර්ශනයකින් අනාවරණ වු කාන්තා ජේලර්වරියකට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදුකර නොමැති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.


අදාල කාන්තා ජේලර්වරිය මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සිදුකළ සමයේ එහි රඳවා සිටි ඇතැම් කාන්තා රැඳවියන්ට වාට්ටු තුළ තහනම් භාණ්ඩ භාවිත කිරීමට අවස්ථාව සලසා දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් උපයා ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අදාල ජේලර්වරියට එරෙහිව ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන  ඇය බොරැල්ල බන්ධනාගාර පුහුණු පාසලට ස්ථාන මාරු කර පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කර තිබුණා.


බන්ධනාගාර අධිකාරිවරයෙකූගේ මූලිකත්වයෙන් යුතු කමිටුවකින් මූලික විමර්ශනය සිදුකර එහි වාර්තාව මීට මාස තුනකට පමණ පෙර බන්ධනාගාර මූලස්ථානය  වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ. 


අදාල නිලධාරිනිය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් උපයා ගෙන ඇති බවත් ඇයට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මූලික විමර්ශනයෙන් නිර්දේශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහෙත් මේ දක්වා එම නිලධාරිනියට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් සිදුකර නැහැ. කෙසේවෙතත් බන්ධනාගාර පුහුණු පාසලට ස්ථාන මාරු කර තිබු එම ජේලර්වරිය පසුව වැලිකඩ කාන්තා බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.  


පසුගියදා වැලිකඩ කාන්තා  බන්ධනාගාරයේ රැඳවියන් බෝගම්බර පැරණි බන්ධනාගාරයට මාරු කෙරුණු අතර අදාල ජේලර්වරිය ද මේ වනවිට එම බන්ධනාගාරයේ සේවය කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් අනාවරණ කළේ.

No comments

Ads Place