Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවේදී ඇල්ලූ අපරාධකරුවන් මෙරටට ගෙන්වීමට රාජතාන්ත්‍රික සාකච්ඡා

  ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

 


ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත්‍රයා මෙරටට ගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි. කිඹුලාඇල ගුණාට අමතරව පාතාල වෙඩික්කරුවකු වූ ”බුම්බා” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකු ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා. 


කෙසේවෙතත් ඇතැම් වාර්තාවල දැක්වුණේ ප්‍රබල අපරාධකරුවෙකු වන කිඹුලාඇල ගුණා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නිකුත් කළ රතු නිවේදනයකට අනුව බවට අමාත්‍ය සරත් වීරසේකර සිදුකරන ප්‍රකාශය සාවද්‍ය බවයි. මෙම වාර්තා සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙන් විමසීමක් කළා. 


1999 වසරේ දෙසැම්බර් මස 18 වනදා පැවැති මහජන රැස්වීමකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල් ටී ටී ඊ සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද “කිඹුලා ඇළේ ගුණා” නමැත්තාට චෝදනා එල්ල වනවා.


ඔහු ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලිපිලේඛණ භාවිත කරමින් තමිල්නාඩුවේ සැගව සිටි ඇත්තේ එම ප්‍රහාරයෙන් පසුවයි. “කිඹුලා ඇලේ ගුණා” නමැත්තා එල් ටී ටී ඊ සංවිධානය සමග සමීප සබදතා පැවැත්වූ බවට ද වාර්තා පළ වනවා.


මේ අතර පොලිසිය පැවසුවේ විවිධ අපරාධ සිදු කර විදේශ රටවලට පළා ගොස් සිටින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 129 දෙනෙකු සඳහා මේ වන විටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි. 

No comments

Ads Place