Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන මහියංගණයෙන් වාර්තා වේ

 ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 722 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී...


 ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 722 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 223 දෙනෙකු හදුනා ගැණුනු අතර ඉන් ආසාදිතයින් 29 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සහ 21 දෙනෙකු හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මරදාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු සහ නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 160ක්. ඉන් ආසාදිතයින් 18 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වුණා.


රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු ද ඊයේ වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් වාර්තා නොවූ බවද එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළා.

No comments

Ads Place