Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාසා රොබෝ යානය අඟහරු මතට ගොඩ බස්වයි

  අමෙරිකානු අභ්‍යවකාශ නියෝජිතායනය හෙවත් නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ සාර්ථකව ප(ර්)සවේරන්ස් රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩ බස...

 


අමෙරිකානු අභ්‍යවකාශ නියෝජිතායනය හෙවත් නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ සාර්ථකව ප(ර්)සවේරන්ස් රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩ බස්වා තිබෙනවා. නාසා ආයතනය එලෙස සිය රොබෝ යානය ගොඩ බස්වා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ සමකයට ආසන්න ගැඹුරු ආවටයක් වන ජෙසෙරෝ නම් ප්‍රදේශයටයි.


රෝද හයකින් යුතු එම රොබෝ යානය තවත් වසර 02 ක පමණ කාලයක් අඟහරු ග්‍රහයා මතුපිට පර්යේෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම කාලය තුළ එම රොබෝ යානය මගින් ග්‍රහලෝකය මතුපිට ඇති පාෂාණ කැණීම් සිදු කොට ග්‍රහලෝකය සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමට නියමිත බවයි නාසා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.


යානය ගොඩ බස්වා ඇති ජෙසෙරෝ ප්‍රදේශයේ මීට අවුරුදු බිලියන ගණනකට පෙර විශාල විලක් පවතින්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනු ලබනවා. ජලය පැවති ස්ථානයක ජීවයක් පවතින්නට ඉඩ ඇතැයි යන අනුමානය මත, ඉදිරි පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.                                           


මේ අතර, ප(ර්)සවේරන්ස් රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුබ පැතුම් පළ කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ එම ඓතිහාසික ගොඩ බැස්වීම සම්බන්ධයෙන් නාසා ආයතනයට සහ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළ සියළුදෙනාට සුබාශිංසන එක් කරන බවයි. 


විද්‍යාවේ බලය සහ බුද්ධිය එක්වූ තැන කළ නොහැකි කිසිවක් නොමැති බවට යළිත් වරක් ඔප්පු කර ඇති බව ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තැබූ ට්විටර් පණිවුඩයේ සඳහන්.

No comments

Ads Place