Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතානායකට කොරෝනා නොහැදුනේ පැණිය හරියට බිවුව නිසා.. පරීක්‍ෂණය මොනවා වුනත් රටටම පැණිය දෙනවා..- ධම්මික බණ්ඩාර

  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා ආසාදනය නොවූයේ තමන් විසින් නිපද වූ ඖෂධය නියමිත ක‍්‍රියා පිලිවෙත් අනුව නිසි මාත්‍රාවට ලබාගත් නිසා ...

 


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා ආසාදනය නොවූයේ තමන් විසින් නිපද වූ ඖෂධය නියමිත ක‍්‍රියා පිලිවෙත් අනුව නිසි මාත්‍රාවට ලබාගත් නිසා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වූයේ ඇය එම ඖෂධ නිසි ලෙස ලබා නොගත් නිසා බවත් ඒ බව ඇයගේ සැමියාද පැවසූ බවත් ඔහු පවසයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ඖෂධය මේ වන විට සායනික පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක් වුවද දැනටමත් තමන් ලක්ෂ 40ක් වැඩි ජනතාවට එහ ඖෂධය ලබා දී ඇති බවයි.

ඉතුරු ජනතාවට ද මෙය ලබාදීමට හැකි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේ ය.

No comments

Ads Place