Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිජාස් හිස්බුල්ලා තව දුරටත් රිමාන්ඩ් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාත් ඒ අතර

  ඊයේ (18) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයට අනුව පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ...


 ඊයේ (18) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයට අනුව පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙහ්හි ඇති විශේෂත්වය වන්නේ සැකකාර හිජාස් හිස්බුල්ලා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසුව වීමය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනුණේ 2020 වසරේ අප්‍රේල් 14 වනදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදු කරණු ලැබුවේ ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් ලබා ගත් රැඳවුම් නියෝගය අවස්ථා කිහිපයකදී දිර්ඝ කරමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්හි උධෘත අධ්‍යනය කළ නීතිපතිවරයා පෙබරවාරි මස 17 වනදා පොලිස්පතිවරයාට ලිඛිතව නියෝග කර තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමේ අතර හිජාස් හිස්බුල්ලාගේ සිදුවීමට මූලික වූ පුත්තලම මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් නැමැත්තා 17 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ ද නීතිපතිවරයාගේ උපදෙස් මතය.

ඒ අනුව සැකකරුවන් ඊඑයි (18) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කෙරුණි.

හිජාස් හිස්බුල්ලා නැමැති සැකකරු පුත්තලම කාරතිව් ප්‍රදේශයේ අල් සුහාරියා නැමැති මද්‍රසා පාසලේ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීමට සම්බන්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය.

හිජාස් හිස්බුල්ලා සභාපතිධුරය දැරූ “සේව් ද පර්ල් “නැමැති සංවිධානය මෙම මද්‍රසා පාසලට පූර්ණ අනුග්‍රහය ලබාදී ඇති බවත් දරුවන් 56 දෙනෙකුට එහි ඉගැන්වීම් සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට වාර්තා කළේය.

එම ළමුන් 56 දෙනාගෙන් ළමුන් 26 දෙනෙකු වෙනම පන්ති කාමරයක් තුළ රඳවා 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා වූ කාලවකවානුව තුළ විශේෂ නේවාසික පුහුණුවක් ලබාදී ඇති බව ද අධිකරණය හමුවේ හෙළි කෙරුණි.

ඉන් එක් සිසුවෙකු විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි දී ඇත්තේ සැකකරු එම පාසලට පැමිණ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක වීඩියෝ දර්ශනයක් පෙන්වා ඊශ්‍රායලයේ කිතුණුවන් මුස්ලිම් පල්ලි පාලනය කරන බවත් ඔවුන් බියගැන්විය හැකි එකම ක්‍රමය ශ්‍රී ලංකාවේ කිතුණුවන්ට පහරදීම යැයි ඉගැන්වූ බවත්ය යන්වෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ නවුෆර් මවුලවි නැමැත්තා 2018 දෙසැම්බර් මාසයේදී ද සහරාන් හෂීම් 2019 ජනවාරි මාසයේදී ද මෙම මද්‍රසා පාසලට පැමිණ දේශන පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩි දුරටත් උසාවියට කරුණු වාර්තා කළේය.

අදාළ දේශනයේදී “සහරාන් හෂීම් ආගම බේරාගැනීම සදහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටද?” යනුවෙන් විමසූ බව එම දේශනයට සහභාගී වූ දරුවෙකු සිය සාක්ෂි ලබාදීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු වාර්තා කළීය.

එමෙන්ම සහරාන් ශෂීම්ගේ සහෝදරයෙකු වන රිල්වාන් හෂීම් ද අවස්ථා කිහිපයකදී එම මද්‍රසා පාසලට පැමිණ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වමින් ගිනි අවි පුහුණුවක් ලබාදී ඇති බවත් ”කිස්ත්‍රියානි පුද්ගලයින් මරන්නට ඕනේ ”යැයි සඳහන් කළ බවත් එම දේශනයට සහභාගී වූ දරුවෙක් සාක්ෂි ලබාදුන් බවත් ඔහු වැඩිදුරටත් උසාවිය්ට කරුණු වාර්තා කරමින් පවසා සිටියේය.

එමෙන්ම පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තා 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී එම පාසල තුළ හමුදා පුහුණුවක් පවත්වා ඇති බව තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණ කළේය.

එම මද්‍රසා පාසල තුළ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන බවක් එම පාසලට අනුග්‍රහය දැක්වූ “සේව් ද පර්ල්” සංවිධානයේ සභාපතිවරයා වූ හිජාස් හිස්බුල්ලා නොදැන සිටින්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ, ඉන් ඊබ්‍රාහිම් ඉල්හාම් නැමැති ප්‍රහාරකයා “සේව් ද පර්ල්” සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර ඇති බවත් ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැති ප්‍රහාරකයා “සේව් ද පර්ල්”සංවිධානයට මදුරන්කුලිය ප්‍රදේශයෙන් පර්චස් 108 ක ඉඩමක් මිලදී ගෙන ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී බවය.

එම කරුණු අනුව හිජාස් හිස්බුල්ලා නැමැති මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේත්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ඇප ලබාදීමට එම මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ, එම සැකකරු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් නියෝග මත සිටින්නෙකු බැවින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති බවය.


lankaleadnews

No comments

Ads Place