Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාකිස්ථාන අගමැති දිවයිනට පැමිණෙයි

  පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කට...

 


පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.


පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පකිස්තාන ගුවන් හමුදාවට අයත් Pak 2 දරන විශේෂ ගුවන් යානයෙන් සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.


පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ අමාත්‍යවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටිනවා.


එමෙන්ම ගුවන් තොටුපොළේ දී විශේෂ හමුදා උත්තමාචාර පෙළ පාළියක් ද පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

No comments

Ads Place