Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති විසින් රේගුවේ වංචා දුෂණ සොයන්න කොමිෂමක් පත් කරයි..

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවේ තත්ත්වය අධ්‍යයනය කිරීමටත් එහි පලදායිතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවේ තත්ත්වය අධ්‍යයනය කිරීමටත් එහි පලදායිතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත.

මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි ඇන්තනී ගුණරත්න මහතා වන අතර ඔහු ඇතුළු තවත් සාමාජිකයන් හතර දෙනෙකු මෙම කමිටුව පත් කර තිබේ.

කොමිසම සඳහා මහජනතාව සහ වෙනත් පාර්ශවයන්ගෙන්ද අදහස් කැඳවීමටත් වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගැනීමට නියම කර තිබේ.

මෙම කොමිසමට පැවරී ඇති වගකීමක් වන්නේ රේගුවට එරෙහිව එල්ල වන චෝදනා සහ එහි සිදුවන බව පැවසෙන වංචා-දූෂණ වලක්වා ගනිමින් ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

No comments

Ads Place