Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව විශාලම බෞද්ධ උරුමයන් දැක බලා ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පකිස්තානට එන්න කියලා ආරාධනා කරනවා

  ලොව විශාලම බෞද්ධ උරුමයන් දැක බලා ගැනීම සඳහා තම රටට පැමිණෙන්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ආරාධනා කළේය. ...

 


ලොව විශාලම බෞද්ධ උරුමයන් දැක බලා ගැනීම සඳහා තම රටට පැමිණෙන්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ආරාධනා කළේය.

තමා ශ්‍රී ලංකාවට අමුත්තකු නොවන බව පෙන්වා දෙන ඒ මහතා තමා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ විශ්වවිද්‍යාල දිවිය අවසන් කළ වහා බවද, අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන දිවිය ආරම්භ කිරීම සහ තමා ක්‍රිකට් දිවිය ආරම්භ කිරීම එකම කාලවකවානුවක සිදුව තිබෙන බවද සිහිපත් කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික නියෝජිත හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

noizetv

No comments

Ads Place