Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලන්ටයින් ඩේ සාද ගැන පොලීසිය විමසිල්ලෙන්

  ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මා...

 


ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බවය.


කොවිඩ් පොකුරු හා අනුපොකුරු නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


එමෙන්ම එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටී.

No comments

Ads Place