අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන...
අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති සහ මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය විනාශ මුඛයේ පවතින බවට පසුගිය දා ජාතික පුවත්පතක පළ වී තිබූ පුවතක් සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරයේ සිතුවම් ඇදි ස්ථාන බොහොමයක් අද වනවිට විනාශ වෙමින් පවතින බවත්, ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු වියඑයුතු බවත් සඳහන් කරමින් විහාරයේ භාරකාර ධූරය හොබවනු ලබන ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
noizetv
No comments