Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වේගවත් ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොවිඩ් ප්‍රභේදයන් ඉන්දියාවෙන් සොයා ගැනේ

  වේගවත් ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට ...

 


වේගවත් ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකානු සහ බ්‍රසීල කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටිනවා.


ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සඳහන් කරන පරිදි දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය සහිත ආසාදිතයින් සිව්දෙනෙකු සහ බ්‍රසීල ප්‍රභේදය ආසාදනය වූ එක් ආසාදිතයෙකු මෙලෙස හඳුනා ගෙන ඇති බවයි.


එලෙස වාර්තා වූ ආසාදිතයින් පස් දෙනාම විදේශ රටවලින් සිට පැමිණි අයවළුන් වන බවත් ඔවුන්ව මේ වන විට නිරෝධායනයට ලක් කොට ඇති බව සඳහන්.


දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයේ සිට සෘජු ගුවන් සේවා ඉන්දියාවට නොමැති බවත් මෙලෙස වාර්තාවූ ආසාදිතයින් වෙනත් රටවල සිට පැමිණි අයවළුන් බැවින් ගුවන් මගින් පැමිණෙන මගීන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ ජානමය අනුක්‍රමණ පර්යේෂණ සිදුකොට ඒවායේ ප්‍රභේද හඳුනා ගැනීම සිදුකළ යුතුව ඇති බවයි ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සඳහන් කරන්නේ.


මේ අතර ඊයේ දිනය වන විට ඉන්දියාව තුලින් බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 187 දෙනෙකු වාර්තා වී ඇත.


දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොවපුරා රටවල් 41ක සහ බ්‍රසීල කොවිඩ් ප්‍රභේදය රටවල් 09 ක මේ වන විට ව්‍යාප්තවී ඇත.


මෙම වෛරස් ප්‍රභේදයන් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත වන අතර වෛරසයට එරෙහිව මේ වන විට භාවිතා කරනු ලබන එන්නත් මගින් මෙම ප්‍රභේදයන්ට එල්ල කළ හැක්කේ අඩු බලපෑමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

No comments

Ads Place