Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් වැළඳී මියගිය පළමු පොලිස් නිලධාරියා

  මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් ම...

 


මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරි 03 වනදා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත්කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වූ අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොවිඩ්-19 ආසාදිත මරණය ලෙස මෙය වාර්තා වේ.

මේ අතර රත්නපුර ශාන්ත ජෝකිම් වතුයායේ පුද්ගලයින් 16 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ අතරින් 11 දෙනෙකුම කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

adaderananews

No comments

Ads Place