Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රාසෙනෙකා එන්නත බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදයටත් ඔරොත්තු දෙන බවට අනාවරණයක්

 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියාත්මක වන බව නවතම පරීක්...


 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියාත්මක වන බව නවතම පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. කොරෝනා වෛරසය අඛණ්ඩව විවිධ ප්‍රභේදයන්වලට වෙනස් වෙමින් පවතින බැවින් ඊට ගැලපෙන අයුරින් සිය එන්නත යාවත්කාලීන කිරීමට ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


මේ අතර, බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් මිලියන ගණනකට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත් ඉතා ආරක්ෂිත බව, බ්‍රිතාන්‍යය ඖෂධ නියාමන බලධාරීන් අනාවරණ කර තිබෙනවා. ඔවුන් එම නිගමනයට එළඹ ඇත්තේ ඉකුත් ජනවාරි 24 වනදා දක්වා කාලය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් බ්‍රිතාන්‍යයේ මිලියන 07 කට අධික ජනතාවගේ පසු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. 


ඒ අතරින් බහුතරයක් කිසිදු අතුරු ආබාධයකින් තොර බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. පුද්ගලයින් 22,280 දෙනෙකුට පමණ අතපය වේදනා, උණ වැනි සුළු අතුරු ආබාධ පෙන්නුම් කර තිබෙනවා. 

No comments

Ads Place