Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිදහස් දා වවුනියාවේ විරෝධතා පෑ පිරිසට උසාවි එන්නැයි සිතාසි

ජාතික නිදහස් දිනය දා වවුනියාවේ විරෝධතා පැවැත්වූ පිරිස්වලට අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත කරුණු දැක්වීම සඳහා පෙබරවාරි මස 15 වැනිදා වව්නියාව...


ජාතික නිදහස් දිනය දා වවුනියාවේ විරෝධතා පැවැත්වූ පිරිස්වලට අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත කරුණු දැක්වීම සඳහා පෙබරවාරි මස 15 වැනිදා වව්නියාව අධිකරණයට පැමිණෙන ලෙසට සිතාසි ලැබී තිබේ.


විශාල පිරිසක් ජාතික නිදහස් දිනයට විරෝධය පළකරමින් කළු කොඩි දමා, කළු ඇඳුම් ඇඳගෙන විරෝධතා දක්වන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිසිය එම සියලූම විරෝධතා අත්හිටුවමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.


විරෝධතාකරුවන් වව්නියාව පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිටට එකතු වී විශාල උද්ඝෝෂණයක් කළ අතර එම ස්ථානය පිහිටියේ වව්නියාව පොලිසියට මීටර් 100ක් පමණ හා අධිකරණයට මීටර් 300 ක් පමණ දුරිනි.


පසුව පොලිසිය මෙම විරෝධතාව පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙබරවාරි මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙම පිරිසට සිතාසි එවා තිබේ.

noizetv

No comments

Ads Place