Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටියුෂන් සිසුවෙකුට කොරෝනා.. වසා දමයි

  කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවෙකු සහභාගි වු බාහිර පන්තියක් වසා දමා එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු සහ එම බ...

 


කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවෙකු සහභාගි වු බාහිර පන්තියක් වසා දමා එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු සහ එම බාහිර පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වයං නිරෝධානයට යොමු කර බාහිර පන්තිය වසා දැමිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක පි.වරදරාජන් මහතා (16) දින කටයුතු කලහ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවය (16) දින ලද පි.සි.ආර් පරක්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා අසාදිත සිසුවා බගවන්තලාව මොරා වත්තේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය දක්වා යොමු කර එම අසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවාගේ පාසලේ ළගම ආශ්‍රිතයන් සහ ගුරුවරුන්ද ස්වයං නිරෝධානයට යොමු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

No comments

Ads Place