Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි.. වේගය මදි නිසා මං අස්වන්න කිවුවා..- ඇමති මහින්දානන්ද කියයි..

 විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්...


 විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත.


පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි එම ලිපිය මගින් දැනුවත් කර තිබේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඉල්ලා අස්වන්නැයි තමන් ලේකම්වරයාට දැන්වූ බවයි.


අමාත්‍යාංශය ගමන් කරන වේගයෙන් ගමන් කිරීමට ලේකම්වරයාට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place