Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත විදලා කොරෝනා පාලනය කරලා සංචාරකයන් ගෙන්වනවා..

  මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට අනුව යළි ඇරඹෙයි.ඒ අනුව කසකස්ථාන ජාතික ගුවන් සේවය වන එයාර් අස...

 


මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට අනුව යළි ඇරඹෙයි.ඒ අනුව කසකස්ථාන ජාතික ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය ඊයේ (06) සිට මත්තලට සිය ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කළේය.2015 වසරේදී මත්තල රජපක්ෂ ගුවන්ටතාටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් නතර කිරීමෙන් පසු නියමිත කාල සටහනකට අනුව ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යලි ආරම්භ වූ පලමු අවස්ථාව මෙය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගතය නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානා හා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට අදාල විශේෂ ගුවන් යානා මත්තල ගුවන් තොටුපලට පැමිණිය ද ජාත්‍යන්තර ගුවන් සමාගමක් නිල වශයෙන් මත්තල ගුවන් තොටුපලට නියමිත කාල සටහනකට අනුව ගුවන් ගමන් ආරම්භ කරන්නේ 2015න් පසු පලමු වතාවට බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊයේ (06) පෙරවරු 10.50ට පමණ එයාර් අස්තානා ගුවන් සේවයේ කේ.සී.565 දරණ ගුවන් යානය මත්තල ගුවන් තොටුපලට පලමු වරට ගොඩ බස්සපු අතර ඉන් කසකස්ථාන සංචාරකයෝ 164 දෙනෙකු මෙරටට පැමිණියහ. ජනවාරි 21 වෙනිදා රට යලි සංචාරකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව සංචාරකයන් මෙපමණ පිරිසක් මෙරටට පැමිණි පලමු අවස්ථාව ද මෙය වේ. කසකස්ථාන ජාතික ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සමාගම මෙරටට සෘජු ගුවන් ගමන් ආරම්භ කල පලමු අවස්ථාවද මෙයයි. කසකස්ථානයේ අල්මාට් ගුවන් තොටුපලේ සිට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට මෙම ගුවන් ගමන් සිදු කෙරෙන අතර අප්‍රියෙල් මස  දක්වා සෑම සෙනසුරාදාවකම මෙම ගුවන් සේවය මත්තල ගුවන්තොටුපලට පැමිණීමට මේ වනවිට කාල සටහන් ගත කර තිබේ.ඉන් අනතුරුව දිගටම මෙම සෘජු ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට ප්‍රමුඛ පෙලේ සංචාරක සංවිධාන ආයතන දෙකක් වන එයිට්කන්ස් ස්පෙන්ස් ආයතනය හා එල්.එස්.ආර්.යන ආයතන දෙක කසකස්ථාන සංචාරකයන් 350ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබේ. ඊයේ (06) මත්තලින් මෙරටට පැමිණියේ එහි පලමු කණ්ඩායමයි.සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අහුන්ගල්ල,බෙන්තොට හා කලුතර සංචාරක හෝටල් වල නතරව සිටින මෙම පිරිස සංචාරක බුබුල සංකල්පය යටතේ අනුමත සංචාරක ස්ථාන කීපයක සංචාරය කිරිමට ද නියමිතයි.

එයාර් අස්තානා ගුවන් යානය පලමු වරට දිවයිනට පැමිණීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරුන්ද ඊයේ (06) මත්තල ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

මෙහිදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ෆලයි ඩුබායි ගුවන් සමාගමද මත්තල ගුවන්තොටුපලට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟතාවය පල කර ඇති බවයි.තවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් 05 සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා මෙහිදී කීවේය. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල මෙරට දෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ආරම්භ කල බවත් පහුගිය රජය විසින් ස්වාභාවික මරණයත් මත්තල ගුවන්තොටුපලට උරුම කර දීමට උත්සහ කල බවත් පෙන්වා දුන් ඇමතිවරයා වත්මන් රජය යටතේ නැවත සක්‍රීය ගුවන් තොටුපලක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කීවේය.

ජනවාරි 21 වන දින රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ වනවිට 2000කට ආසන්න සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් අතර විවිධ රටවලින් පැමිණි සංචාරකයන් සිටින බවත් පෙන්වා දුන් ඇමතිවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අදාල පාර්ශව කටයුතු කරමින් සිටින බවද සංචාරක සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳ අධීක්ෂණය කරන බවද මෙහිදී කීවේය.

“ පසුගිය සතියේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමග පැවති සාකච්ඡා කීපයකදී මෙරට ජනතාවට කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුනා. සෞඛ්‍ය අංශ කියන විදියට මෙරට ජනගහනයෙන් 56%කට මේ එන්නත දෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනින් රටේ ජනතාවට මේ එන්නත දීලා මේ රට සංචාරකයන් සඳහා ආරක්ෂිත පලමු රට බවට පත් කිරීමට කටයුතු කරනවා.මේ වනවිට රටවල් ගණනාවක් සම්බන්ධව අපි සාකච්ඡා කරමින් යනවා රටට සංචාරකයන් ගෙන්වා ගැනීම ගැන. ඒ එක්කම සංචාරකයන් ගෙන්වනු ලබන ආයතන මගින්ද මේ සඳහා කටයුතු කරගෙන යනවා. කොවිඩ් 19 කමිටුව දැනට තහනම් කරලා තියෙන්නේ එංගලන්තයේ සිට සංචාරකයන් පැමිණීම විතරයි. ඒ නිසා වෙනත් ඕනෑම රටක සංචාරකයෙකුට අපේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් අපේ රටට එන්න කිසිදු බාධාවක් නෑ.”  ඇමතිවරයා වැඩි දුරටත් කීවේය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමති ඩී.වී.චානක රාජ්‍ය ඇමතිවරයා කීවේ පහුගිය රජය විසින් වී ගබඩාවක් බවට පත් කර විදේශීකරණයට කටයුතු කල මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන් ගලවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවයි.

“ කටුනායකට එන ගුවන් යානා මත්තලට ගේන්න ආණ්ඩුව උත්සහ කරන බවට චෝදනා නැගුනා.අපි හදන්නේ මත්තල වෙනම ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කරන්නයි. දැනට මත්තලට පැමිණෙන ගුවන් සමාගම් වලට සහන රැසක් ලබා දීලා තිබෙනවා.ඒ අනුව කොවිඩ් වසංගතය තරමක පාලනය වීමත් සමග මත්තලට අපිට ජාත්‍යන්තර ගුවන් සමාගම් කීපයක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට අමතරව මගී හුවමාරු හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. අපි දැනට ගුවන් භාණ්ඩ මෙහෙයුම් දැනටමත් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.” යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

No comments

Ads Place