Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අනිද්දා සිට අධ්‍යයන නිවාඩු

  අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙනී සිටින සිසුන් සඳහා පෙබරවාරි මස 17 වෙනිදා සිට පෙබරවාරි 25...

 


අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙනී සිටින සිසුන් සඳහා පෙබරවාරි මස 17 වෙනිදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියලු පළාත්,කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.


එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.


,ඒ අතර අධ්‍යන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇති බැවින් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

No comments

Ads Place