Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාරංගල කන්දේ සංචාරයකට ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

 මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහිදි රාත්‍රීය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන්වූ තරුණයෙ...


 මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහිදි රාත්‍රීය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන්වූ තරුණයෙකු ගේ සිරුර එම කන්දේ ප්‍රපාතයක තිබී අද දවහල් සොයාගෙන තිබෙනවා.


යුධ හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රපාතයක් තිබූ මෘත දේහය යුධ හමුදාව විසින් සොයා ගත් බව  බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත පැවසුවේ.


මෙසේ  ජිවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා (22) නමැති තරුණයෙකි. රාත්‍රී 9.30ට පමණ වැසිකිලි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිනි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.


නාරංගල කන්ද සංචරයට තහනම් ප්‍රදේශයක් බවට ‍පසුගියදා බදුල්ල දිස්ත්‍රික් සමබන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබූ පරිසර කළාපයකි.  


සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments

Ads Place