Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිමාලයේ කොටසක් කඩා වැටීම ගැන විශේෂ අනාවරණයක්

 ඉන්දියාවේ, උත්තරකන්ද් ප්‍රාන්තයේ පිහිටි හිමාල කඳු වැටියට අයත් නන්දා දේවී කඳු පන්තියේ ග්ලැසිරයක් හදිසියේ කඩා වැටීම පිටුපස දේශගුණික විපර්යාසව...


 ඉන්දියාවේ, උත්තරකන්ද් ප්‍රාන්තයේ පිහිටි හිමාල කඳු වැටියට අයත් නන්දා දේවී කඳු පන්තියේ ග්ලැසිරයක් හදිසියේ කඩා වැටීම පිටුපස දේශගුණික විපර්යාසවල බලපෑම තිබිය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අගවනවා. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය නිකුත් කළ විශේෂ වාර්තාවක දැක්වුණේ හිමාල කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණික විපර්යාස ඉහල මට්ටමක පවතින බවයි. එමගින් අදාල ප්‍රදේශයේ පාරිසරික උෂ්ණත්වය ඉහල ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ. එම තත්ත්වය සෙසු කඳු පංති ආශ්‍රිත ප්‍රදේශ හා සැසදීමේදී ඉතා ඉහල අගයක් ගන්නා බවද පාරිසරික විශේෂඥයින් පෙන්වා දෙනවා. 


නන්දා දේවී කඳු පන්තිය යනු හිමාල කඳු පංතියට අයත් ඉන්දියාවේ පිහිටි දෙවන වැඩිම උසකින් යුත් කඳු පංතියවන අතර ලොව 23වන උසම කඳු පංතිය ද වනවා.                                      


ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රාන්තයේ ඉදිකිරීම් ඉහල ගොස් ඇති බවත් එමගින් හිමාල කඳු පංතිය ආශ්‍රිත ප්‍රදේශයට බලපෑම් එල්ල වි ඇති බවත් පාරිසරික විශේෂඥයින්ගේ මතයයි. හිමාල කඳු වැටියේ ග්ලැසියර් තට්ටු 8,000 වැඩි සංඛ්‍යාවක් පවතින බවට විශ්වාස කෙරෙන අතර ඉන් 200ක් පමණ අවධානම් තත්ත්වයක පවතින බවටයි පැවසෙන්නේ. 


ඉන්දියාවේ, උත්තරකන්ද් ප්‍රාන්තයේ පිහිටි හිමාල කඳු වැටියට අයත් නන්දා දේවී කඳු පන්තියේ ග්ලැසිරයක් ගංගාවක වේල්ලකට කඩා වැටීමෙන් ඊයේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු කර ගෙන තිබෙනවා. අනතුරත් සමග ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 170කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වුණා. අනතුරට මුහුණ පෑ පිරිස අතරට ගඟේ ජල විදුලි යෝජනා ව්‍යාපෘතියක ඉදිකිරීම් සඳහා පැමිණ සිටි කම්කරුවන් පිරිසක්ද අයත්. මෙම අනතුරින් පසුව ආරම්භ වූ සහන මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. 

No comments

Ads Place