Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරේ වනාන්තරත් අවධානමක - පරිසර සංවිධාන කියයි

 උතුරු පළාතේ ඇති වනාන්තරද විනාශ වීමේ අවධානමකට ලක් වෙමින් ඇතැයි පරිසර සංවිධාන පවසනවා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ර...


 උතුරු පළාතේ ඇති වනාන්තරද විනාශ වීමේ අවධානමකට ලක් වෙමින් ඇතැයි පරිසර සංවිධාන පවසනවා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් සඳහන් කළේ උතුර හා උතුරු මැද යන පළාත් සම්බන්ද කරමින් ඉදි කෙරෙන උතුරු මැද වාරි ඇල ව්‍යාපෘතිය හරහා මෙම අවධානම මතුව ඇති බවයි. 


මෙවැනි ජල ව්‍යාපෘති හරහා ජනතාව අතර ගැටුම් ඇති වූ අවස්ථා ජාත්‍යන්තරයේ දක්නට ලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 


මේ අතර උඩවලව ජාතික වනෝද්‍යානයත්, බෝගහපට්ටිය හා සොරගුණේ යන වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලි මංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය පත්ව තිබු අවධානම සම්බන්ධයෙන් නෙත් නිවුස් දිගින් දිගටම කරුණු අනාවරණ කළා. ඒ අනුව ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය ඒ දෙසට යොමු වී රක්ෂිතය එලිපෙහෙලි කිරීම නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කෙරුණා. ඒ අනුව රක්ෂිත ප්‍රදේශය එලිපෙහෙලි කිරීම තාවකාලිකව නතර වී ඇතත් අවධානම තවමත් පවතින බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

No comments

Ads Place