Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද වාස් කළ දේ හෙට වෙන පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු කලොත් ? : වාස් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුවට ක්‍රීඩා ඇමති කියූ දේ

  වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස් අවසන් මොහොතේදී හැර ගියේ තමන්වත්, ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශයවත් නොව 2023 ලෝක කුසලාන තරගාවලිය ...

 


වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස් අවසන් මොහොතේදී හැර ගියේ තමන්වත්, ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශයවත් නොව 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදානම් වන යොවුන් ක්‍රිකට් කණ්ඩායම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. 


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.


" චමින්ද වාස් දක්ෂ පුහුණුකරුවෙකු, ක්‍රීඩකයෙකු බව රහසක් නැහැ. මමත් ඔහුට පෞද්ගලිකව ගරුකරනවා වගේම ආදරය කරනවා. නමුත් අවසන් මොහොතේදී ඔහු කණ්ඩායම හැර යාම ගැන මම පෞද්ගලිකවම කණගාටුවට පත්වනවා. 


චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කිරීම සිදුකලේ පසුගියදා මා විසින් පත්කළ ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින්. ඔහුගේ වැටුප් සහ වේතන සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පමණක් චමින්ද වාස්ට රුපියල් ලක්ෂ හතහාමාරක වේතනයක් ලබාදීමට සාකච්ජා කොට ඔහුගේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. මෙම වේතනයට අමතරව ඔහුට වෙනම තරග සංචාරය වෙනුවෙන් ගාස්තුවක් හිමිවනවා.


නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී චමින්ද වාස් ක්‍රිකට් ආයතනයට පැමිණ ලිපියක් භාරදී ඉල්ලා තිබෙනවා තමන්ට මෙවැනි වැටුප් වැඩිවීමක් අවශ්‍යයි කියලා. ක්‍රිකට් ආයතනයට තනි තීරණයක් ගන්න බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තමයි ගාස්තු සම්බන්ධයෙන් තීරණ ගන්නේ. මම මෙතැනදී එතුමාගේ ඉල්ලීම ගැන හෝ වැටුප් සම්බන්ධයෙන් මම සාකච්ජා කරන්නේ නැහැ.


නමුත් ඊයේ දිනයේදී චමින්ද වාස් සිදුකළ ඉල්ලීමක් ඉදිරියේදී වෙනත් පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු ඉල්ලා සිටියහොත් හෙට තමන් තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ, කණ්ඩායම පුහුනුකරන්නේ නැහැ කියා එයින් දී සිදුවන්නේ කුමක්ද ? එවැනි වැරදි ආදර්ශයක් ලබාදීම යුතු නැහැ. ක්‍රීඩකයින් පමණක් නොවේ පුහුණුකරුවන්, ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පරිපාලනයේ සිටින සියලු දෙනාගේ විනය සෑදිය යුතුයි." 

No comments

Ads Place