Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විහාරස්ථානයේ රඳවා සිටින ඇත් පැටවා වනයට මුදාහරින්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

 බෙල්ලන්විල විහාරස්ථානයේ රදවා සිටින මියන් කුමාර නැමැති ඇත්පැටවා තවදුරටත් කෲර අමානුෂික වදහිංසා පැමිණවීම වළක්වා නැවත වනයට මුදා හැරීමට නියෝගයක්...


 බෙල්ලන්විල විහාරස්ථානයේ රදවා සිටින මියන් කුමාර නැමැති ඇත්පැටවා තවදුරටත් කෲර අමානුෂික වදහිංසා පැමිණවීම වළක්වා නැවත වනයට මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත .


එම පෙත්සම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, පොලිස්පතිවරයා සහ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් නම් කර ඇත.


මෙම ඇත්පැටවා 2013 වර්ෂයේදී මියන්මාර රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ප්‍රදානය කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.


මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේ වග උත්තරකරුවන්ට මාර්තු මස 5 දා අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට නොතීසි නිකුත් කරන ලදී.

No comments

Ads Place