Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වූ බස් රථයක් පෙරලෙයි

  බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි පෙරලී යාමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබ...

 


බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි පෙරලී යාමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.


අද පස්වරු 2.30 ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලවකැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි විම සදහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වු පෞද්ගලික බස් රථයක්. අධික බැවුම් සහිත එම මාර්ගයේ බස් රථය ධාවනය වන අවස්ථාවේ බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ඉදිරියට ඇදි ගොස් ඉදිරියෙන් ධාවනය වු බවුසර් රථයක ගැටි මෙම අනතුර සිදු වි තිබෙනවා.

No comments

Ads Place