සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදා පාලනය විසින් නව චෝදනාවක් ගොනුකර තිබෙනවා. ඒ, ඇය රටේ ස්වභාවික ආපදා නීතිය උල්ල...
සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදා පාලනය විසින් නව චෝදනාවක් ගොනුකර තිබෙනවා. ඒ, ඇය රටේ ස්වභාවික ආපදා නීතිය උල්ලංඝණය කළ බවට ප්‍රකාශ කරමින්. කෙසේවෙතත් අවුන් සාන් සුකීට එරෙහිව ගොනුකර ඇති චෝදනාව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
කෙසේවෙතත්, චෝදනාව සම්බන්ධයෙන් අවුන් සාන් සුකී වීඩියෝ තාක්ෂණය හරහා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයක් හමුවේ සිරගත කරන ලද අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් නිදහස් කරන ලෙස හමුදා පාලනයට බලකරමින් මියන්මාරය පුරා තවදුරටත් මහජන විරෝධතා ක්‍රියාත්මකයි. විරෝධතාවල නිරත ජනතාවට එරෙහි ප්රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වළකින ලෙසයි මියන්මාරයේ සිටින අමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් තානාපතිවරුන්, මියන්මාර හමුදා පාලනයෙන් ඉල්ලීම් කර ඇත්තේ.
No comments