Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිමත් රියදුරෙක් වැන් රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරයි..

  බිමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කල රියදුරෙක් සැකපිට (19) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය. තලවක...

 


බිමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කල රියදුරෙක් සැකපිට (19) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය.

තලවකැලේ ප්‍රදේශයේ සිට ලිදුල ෆාමස්ටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වැන් රථයක රියදුරෙකු බිමත්ව පාසල් ළමුන් වැන් රථයෙන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ධාවනය වෙමින් තිබු වැන් රථය නතර කර රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර පරික්ෂා කිරිමේදි රියදුරා බිමත්ව සිටින බවට තහවුරු වු බවයි රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

වැන් රථයේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් වෙනත් වැන් රථයකින් ඔහුන්ගේ නිවාස කරා යැවිමට කටයුතු කල බවත් ,සැකපිට අත්අඩංගුවට ගත් අවු 30 වයසැති ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේ පදිංචි රියදුරාව පොලිස් ඇප මත මුදා හැරි බවත් , ඔහුට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි තලවකැලේ පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

No comments

Ads Place