Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජපානයේ සහ ෆින්ලන්තයෙන් නව කොවිඩ් ප්‍රභේද දෙකක් හඳුනා ගැනේ

ජපානයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා. මෙම නව ප්‍රභේද ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි විදෙස් සංක්‍රමණික...


ජපානයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා. මෙම නව ප්‍රභේද ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි විදෙස් සංක්‍රමණිකයින් රඳවා තබන මධ්‍යස්ථානයක රඳවා සිටින සංක්‍රමණිකයින් 39කට සේවකයින් 05 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


මෙම නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 91ක් දෙනෙකු මේ වන විට නැගනහිර ජපානයේ කාන්ටෝ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයින් දෙදෙනෙකු ගුවන් තොටුපොළවල් වලින් හමුවූ බවයි එරට කැබිනට් ලේකම්වරයා ප්‍රකාශ කර සිටින්නේ.


කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් කරණ වැඩසටහන ජපානයේ ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති අතර මෙම නව  කොවිඩ් වෛරස ප්‍රභේදය එන්නත් වලට එරෙහිව ප්‍රතිවිරෝධී විය හැකිද යන්න සම්බන්ධයෙන් ජපාන රජය විමර්ෂන ආරම්භ කර ඇත.


E484K නම් වූ මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින අතර දේශීය වශයෙන් එය සිදුවුහොත් රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවයි ජපාන කැබිනට් ලේකම්වරයා වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කර සිටියේ.


මෙම නව වෛරස් ප්‍රභේදය විදේශ රටක සිට පැමිණෙන්නට ඇති බවත් මේ දක්වා එරටින් වාර්තා වූ වෛරස් ප්‍රභේදයන්ට වඩා මෙය වෙනස් බවක් දක්නට ඇති බවයි ජපානයේ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විද්‍යාඥයින් පවසන්නේ.


එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වූ ආසාදිතයින් 151ක් ජපානයෙන් මේ දක්වා වාර්තා වී තිබෙනවා.


මේ වන විට ජපානයේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 04ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 7,194ක් වාර්තා වී ඇත.


මේ අතර විද්‍යාඥයින් විසින් ෆින්ලන්තයෙන් ද නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. Fin-796H යනුවෙන් මෙම නව වෛරස් ප්‍රභේදයට තාවකාලිකව නම් තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

No comments

Ads Place