Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් රෝගීන්ට වෙන් කළ ඇඳන්වලින් 83%ක් හිස්

  කොවිඩ් – 19 රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඇඳන්වලින් සියයට 83ක් හිස්ව පවතින නිසා දැඩි සත්කාර ඇඳන් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොවන බව...

 


කොවිඩ් – 19 රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඇඳන්වලින් සියයට 83ක් හිස්ව පවතින නිසා දැඩි සත්කාර ඇඳන් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (16) පැවසුවාය.


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා පවතින ඇඳන්වලින් සියයට 17 ක් පමණක් මේ වන විට භාවිතයට ගන්නා බව ද ඇමැතිවරිය කීවාය.


කොවිඩ් – 19 නව වයිරස් ප්‍රභේදය මෙරටින් වාර්තා වුවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවත් මෙම වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් මතුව නොමැති අතර අවශ්‍ය වුවහොත් දැඩි සත්කාර පහසුකම් කළමනාකරණයට හැකි බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.


රෝගීන් වාර්තා වීමේ අවශ්‍යතාව අනුව රෝහල් සූදානම් කරන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් රජය සතු වන්නේ යැයි ද ඇමැතිවරිය පැවසුවාය.

No comments

Ads Place