Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි : ඊයේ දිනයේදී මරණ 10ක්

  මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම...

 


මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන ද 445ක් දක්වා ඉහල ගිය බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.


මෙරටට පැමිණිමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ගෙන්වීමේ වැඩිපළිවල අඛණ්ඩව ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

No comments

Ads Place