Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

80 හැවිරිදි පෙම්වතා විවාහ කරගත් 29 හැවිරිදි පෙම්වතිය (PHOTO)

  දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි වියේ පසුවන Terzel නමැති නීති ශිෂ්‍යාවක් විසින් මෙලෙස විවාහ කරගෙන ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන Wilson නමැති පු...


 දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි වියේ පසුවන Terzel නමැති නීති ශිෂ්‍යාවක් විසින් මෙලෙස විවාහ කරගෙන ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන Wilson නමැති පුද්ගලයෙක්. 2016 වසරේදී ඔවුන් දැන හඳුනාගෙන ඇති අතර අනතුරුව මාස 03කට පමණ පසුව ඔවුන්ගේ මේ අපූරු ආදර කතාව ගොඩනැගී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් Wilson හට ඔහුගේ පෙම්වතිය වූ Terzelගේ වයසේ පසුවන මිණිබිරියන් සිටීම ද විශේෂ බවයි දකුණු අප්‍රිකාවෙන් ඇසෙන්නේ.

මේ අතර තවත් විශේෂ කරුණක් වන්නේ ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකාරිණියක් ලෙස අත්සන් කර ඇත්තේ Wilson ගේ 56 හැවිරිදි දියණිය වීමයි.

මෙම අපූරු පෙම්යුවලගේ විශේෂතම දිනය එනම් මංගල උත්සවය ඉතා චාම් ලෙස කේප් ටවුන් හිදී සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

තම පෙම්වතා ගැන අදහස් පළකරමින් Terzel විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම සැමියාගේ අත්දැකීම් ඔවුන් දෙදෙනාගේ අනාගතය ශක්තිමත් කරනු ඇති බවයි.

තමන්ට ඇතිවන ඕනෑම ගැටලුවකදී තම සැමියාගෙන් උපදෙස් ලබාගැනීමට කිසිසේත් පැකිලීමක් ඇතිකර නොගන්නා බවද Terzel ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර Terzelගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ Wilson විසින්.



noizetv

No comments

Ads Place