Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ : ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 772ක් සහ මරණ 05ක් වාර්තා වෙයි

 මෙරටින් කොරෝනා ආසාදිතයින් 69,348 දෙනෙකු වාර්තා වුවද ඉන් 63,401 දෙනෙකුම දැනටමත් සුවය ලබා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන...


 මෙරටින් කොරෝනා ආසාදිතයින් 69,348 දෙනෙකු වාර්තා වුවද ඉන් 63,401 දෙනෙකුම දැනටමත් සුවය ලබා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ඊයේ දිනයේදීද මෙරටින් කොරෝනා ආසාදිතයින් 772 නෙකු අලුතින් හදුනාගත් බවයි. 


ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා පුද්ගල මරණ සම්බන්ධයෙන්ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෙස කරුණු දැක්වූවා. 


මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව මුල් කර ගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදු කරන බවයි. 


මේ අතර අද උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබෙනවා. ඒ අතරට බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත හා වේළුවන පාර යන ප්‍රදේශ ද අයත්.


මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්ම මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලත් පාර සහ අකරගොඩ යන ප්‍රදේශවලද හුදෙකලා තත්ත්වය ඉවත් කෙරුණා. එමෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලන දකුණ හා පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා තත්ත්වයද ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

nethnews

No comments

Ads Place