Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීගමුවෙන් 38ක්, කොළඹ කොටුවෙන් ආසාදිතයින් 32ක්

  ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 756 දෙනා ගෙන් බහුතරයක් වූ ආසාදිතයින් 172 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ...

 


ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 756 දෙනා ගෙන් බහුතරයක් වූ ආසාදිතයින් 172 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.


කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණන වූ 32 දෙනා කොටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව වැල්ලම්පිටියෙන් ආසාදිතයින් 21ක්, මට්ටක්කුලියෙන් ආසාදිතයින් 11ක්, බොරැල්ලෙන් ආසාදිතයින් 09ක් වාර්තා වී ඇත.


මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මීගමුව ප්‍රදේශයන් ආසාදිතයින් 38ක්, දුග්ගල්පිටිය ප්‍රදේශයෙන් 25ක්, ජා- ඇල ප්‍රදේශයෙන් 18ක්, දිවුලපිටියෙන් 15ක් සහ රාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.


මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 36 දෙනෙකු කළුතර දකුණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.


මිට අමතරව ඊයේ දිනයේදී මහනුවරින් ආසාදිතයින් 73ක්, කුරුණෑගල 32ක්, ගාල්ල 11ක්, රත්නපුර 64ක්, අම්පාර 22ක්, මාතර 15ක්, කෑගල්ල 03ක්, බදුල්ල 30, පුත්තලම 25ක්, මාතලේ 18ක්, නුවරඑළිය 12ක්, අනුරාධපුර 17ක්, හම්බන්තොට 07ක්, පොළොන්නරුව 06, වව්නියාව 02, මන්නාරම 09, මොණරාගල 01ක් සහ කිලිනොච්චිය 03 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 11,721ක් ලෙස වාර්තා වී ඇත.

No comments

Ads Place