Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වේයන්ගොඩ නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 28ක් හඳුනා ගැනේ : 540 දෙනෙකු ස්වයං නිරෝධායනයට

 වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්  28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත...


 වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්  28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසනවා.


කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනා ගනු ලැබූ එම පුද්ගලයින් 28 දෙනා ලගින්ම ඇසුරු කල ආශ්‍රිතයන් 145 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බවත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙකු PCR පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව ද නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය අද (05) ප්‍රකාශ කර සිටියේ.


කර්මාන්ත ශාලාව විෂබීජ හරනය කිරීමට නියමිත බවද නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් පදිංචි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ව දැනුවත් කල බව ද මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

No comments

Ads Place