Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් රථය තුලදී මියගොස් සිටි පුද්ගලයාට කොවිඩ් : උතුරු මැද පළාත් සභා කාර්යාලයේ 25 දෙනෙකු නිරෝධායනයට

 උතුරැ මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු කොරෝනා රෝගයෙන් මිය යාමේ හේතුව නිසා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් ...


 උතුරැ මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු කොරෝනා රෝගයෙන් මිය යාමේ හේතුව නිසා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් විසිපස් දෙනෙකු අද (17) දින සිට නිරෝධායනයට ලක්කළ බව නාගරික වෛද්‍ය නිලධාරිණි කිලෝෂිණි හෙන්දාවිතාරණ පැවසුවා.


කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇටවීරවැව,මරදන්කඩවල, කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරැ පියෙකි.


මියගිය මෙම පුද්ගලයා පසුගිය සදුදා (15) දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සදහා බස්රථයකින් කැකිරාව ප්‍රදේශය බලා යමින් සිටියදි බස් රථය තුලම මිය ගොස් තිබුණා.


පසුව සිදුකළ PCR පරික්ෂණයට අනුව මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොරෝනා රෝගයෙන් බවට අද (17) දින තහවුරැ බවයි නාගරික වෛද්‍ය නිලධාරිණි වෛද්‍ය කිලෝෂිණි හෙන්දාවිතාරණ වැඩිදුරටත් පැවසුවේ.


ඒ අනුව ඔහු ඇසුරැ කළ පළමු පෙල ආශ්‍රිත පුද්ගලයන් 25 දෙනකු  නිරෝධායනයට  ලක්කිරිමට පියවර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම PCR පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද නාගරික වෛද්‍ය නිලධාරිණිය ප්‍රකාශ කර සිටියා.

No comments

Ads Place