Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ගම සමග පිලිසදර’ට ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව..

  ‘ජනාධිපතිතුමා ගම සමග පිළිසදරක් වැඩසටහනට ගිහිල්ලා අපි ඒ ගමේ වැඩ කොටස මාස හතරක් පහක් ඇතුලත අවසන් කරන්න යන්නේ. ජනාධිපත්තුමා පසු විපරමක් කරනවා...


 ‘ජනාධිපතිතුමා ගම සමග පිළිසදරක් වැඩසටහනට ගිහිල්ලා අපි ඒ ගමේ වැඩ කොටස මාස හතරක් පහක් ඇතුලත අවසන් කරන්න යන්නේ. ජනාධිපත්තුමා පසු විපරමක් කරනවා ඒ ගමේ ඒ වැඩ කොටස කලාද කියල.ඒ ගිය හැම ගමකම පාරවල් හදනව. පාසල් ගොඩනැගිල් හදනව පාසල් ක්‍රීඩා පිටි හදනව. ඒ ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් හදල දෙන්න ඉතා ඉක්මනින් කටයුතු කරනව’ යයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අදහස් පල කරන ලදී.

ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඇඹිලිපිටියේදී මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වඋ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේ,

‘මේක මාධ්‍ය හරහා කරන වැඩක් නෙවෙයි. ප්‍රායෝගික වැඩක් මේක. අපි ආණ්ඩු ගන්න ඉස්සරවෙලා ගම සමග පිළිසදරක් කලා. නැවත වරක් ඒ වැඩ සටහන ක්‍රියාවට නන්වන්න තමයි ජනාදිපතිතුමා යන්නේ. ඒ කාරනා ඔබ දන්නවා ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව.

මේක බලන් ඉන්න බැරිව සජිත් දැන් ගමින් ගමට යනවා. සජිත් මහත්තයා මේරටේ අවුරුදු පහක් ප්‍රබලම ඇමති. ඒ ඇමතිට තමන්ගේ දිසිත්‍රික්කයේ ප්‍රශ්න විසදගන්න එදා බැරිව මම දැක්කා පැරදුනාට පස්සේ හම්බන්තොටත් අත හැරලා කොලඹට පැනල ගිහිල්ලා. හම්බන්තොටත් වැඩිම පරාජය උනේ විපක්ෂ නායක වරයා ජනාධිපති අපේක්ෂක වෙලාවේ. දැන් හම්බන්තොටට ඇවිත් හොයනවා මොනවද ගැටලු කියල. විසි අවුරුද්දක් මන්ත්‍රීවෙලා ඉදල ගැටලු හොයාගන්න බැරිවුන මනුස්සයා අවුරුදු විසසකට පස්සේ විපක්ෂ නායක වෙලා තමයි එන්නේ ගැටලු හදුනා ගන්න. මම අහනවා ඒ විසදපු ගැටලු මොකක්ද කියල. එයා මාධ්‍ය සංදර්ශන දානවා. ඔයිට වඩා  මොදයි මම ඉරිදා විග්‍රහය කරනවා වගේ සතියකට දවසක් මාධ්‍ය හමුවක් තියල ඔය ටික කියන්න. එතන ගිහින් මොනවද කියන්නේ රටේ බඩුමිල වැඩියි. මිනිස්සුන්ට දරාගන්න බැහැ. මේ අඩුපාඩු ටික කියන්නේ යන්නේ  කා ගාවටද ජනතාව ගාවට. මේ ජනතාව කියන ප්‍රශ්නය එයා ජනතාව ඉදිරියට ගිහින් මාධය හමුවක් තියනවා.

අපේ ජනාධිපතිතුමා අහන හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙනවා උත්තරේ  මහ පොලොවේ වැඩක් කරන්න පුලුවන් වැඩක් විතරයි එතුමා කියන්නේ.

බඩු මිල අඩු කලාම දැන් කියනවා සජිත් මහත්තයා ගමේ ගිහින් ප්‍රශ්න අහන නිසා බඩු මිල අඩු කලාලු. යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ මුලින්ම භාණ්ඩ 25ක මිල අඩු කලා. කොත්තමල්ලී සූදුරු මාදුරු ටිකක් තමයි අඩු කලේ.

අපි භාණ්ඩ 27ක මිලක් අඩු කරල තියනවා. ඒ භාණ්ඩ 27 ම මිනිසුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ. ඉතිහාසයේ කවදාවකවත් නැති විදියට රටේ භාණ්ඩ එක මිලක පවත්වන්න අපි කටයුතු කරල තියනවා.

No comments

Ads Place