Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත්‍රික්ක 22 කින් කොවිඩ් ආසාදිතයින් : බස්නාහිර පළාතේ ආසාදිතයින් 468ක්

 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 802 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් වන ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා ...


 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 802 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් වන ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.


කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ වන්නේ මහරගම 16ක්, මට්ටක්කුලිය 12ක්, කුරුඳුවත්ත 11ක් ලෙසයි.


ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 162ක් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 41ක් දෙනෙකු රාගම ප්‍රදේශයෙන් ද, වත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් ගණේමුල්ල සහ කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනා බැගින්ද වාර්තා වී ඇත.


මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේදී ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 13 දෙනෙකු බුලත්සිංහල ප්‍රදේශයෙන් ද, බේරුවල සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින් සහ මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.


මහනුවර දිස්ත්‍රික්කයෙන් 32ක්, කෑගල්ල 13ක්, අම්පාර 12ක්, ගාල්ල 14ක්, කුරුණෑගල 38ක්, මාතර 13ක්, මන්නාරම 11ක්, අනුරාධපුර 02ක්, මොණරාගල 06, හම්බන්තොට 03ක්, වව්නියාව 10ක්, මාතලේ 25ක්, රත්නපුර 45ක්, පුත්තලම 39ක්, නුවරඑළිය 38ක්, බදුල්ල 03, පොළොන්නරුව 06, ත්‍රිකුණාමලය 03, කිලිනොච්චිය 20ක් සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු වශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.


මේ අතර ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 07ක් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,654ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 68,696ක් වනවා. මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,561ක් වේ.


ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,866ක් වනවා.

nethnews

No comments

Ads Place