Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 14ක් තිස්සේ සිරගත කොට සිටි බල්ලා නිදහස ලබයි (PHOTOS)

  එළඹුන 73 වන නිදහස් දිනයත් සමඟ අද දවසේ බොහෝ දෙනා නිදහස පිළිබඳව කතා කළා. නිදහස අරුත් ගන්වද්දී මිනිසුන්ට සේම සතුන්ටද නිදහස ඉතාමත් අත්‍යවශ්‍යය...

 


එළඹුන 73 වන නිදහස් දිනයත් සමඟ අද දවසේ බොහෝ දෙනා නිදහස පිළිබඳව කතා කළා. නිදහස අරුත් ගන්වද්දී මිනිසුන්ට සේම සතුන්ටද නිදහස ඉතාමත් අත්‍යවශ්‍යයි.


නමුත් විවිධ හේතූන් නිසා මිනිසුන් මෙන්ම සතුත්තුත් අවාසනාවට සිරගතව දඬුවම් විඳිනවා. මිනිස්සු නම් සිරගත වන්නේ දැන දැනම වැරදි කිරීමට පෙළඹීම හේතුවෙන්. නමුත් තිරිසන් සතුන් යනු හොඳ නරක කුමක්ද කුමක් ද කියා හඳුනා ගත නොහැකි ජීවීන් කොට්ඨාශයක් . එවන් තිරිසන් සතකු තම ජීවිතයෙන් වැඩි කාලයක් සිරගත වී සිටීමට සිදු වුවොත් එය කොතරම් අවාසනාවක්ද? . ඒ විදිහට වසර 14ක් තිස්සේ සිර දඬුවමකට ලක් වූ සුනඛයෙකු පිළිබඳ පුවතක් සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබුණා.මේ එම කතාවයි..


“මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සිරගත කර සිටි බල්ලා පිළිබඳව Nadeeka Samanmalee අක්කා විසින් ලබා දුන් පණිවිඩය අනුව එම සිර කුටියක් බඳු කුඩුවෙහි වහල කොටස කඩා ඉවත් කර බල්ලා ඉන් පිටතට ගෙන මිදිගම Animal SOS Sri Lanka ආයතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.නිවැසියන් පැවසූ පරිදි බල්ලා රැගෙනවිත් තිබෙන්නේ සුනාමි ව්‍යසනයට මසකට පෙරයි.


පසුව නිවසියෙකු සහ අසල්වාසියෙකු සපා කෑමට ලක් කිරීමේ චෝදනාව මත සදාකාලික සිර දඩුවමකට ලක් කර ඇත.ඊ⁣ට පෙරාතුවද රැගෙන ආ මුල් දින සිට දම්වැලකින් බැඳ දමා තිබී ඇත.මුලින් ලෑලි කූඩුවක සිර කළ මෙම සතා පසුව වසර කිහිපයකට ඉහත නිවසේ මංගල උත්සවයක් පැවැත්වීම නිසා ලෑලි කූඩුව වටා ස්ථිරව බදාම යොදා බ්ලොක් ගලින් තව කූඩුවක් නිර්මාණය කර ඇත.මොහුට කෑම ලබා දීම සඳහා කුඩා කවුලුවක් ( පිඟානක් ඇතුලට තල්ලු කර හැකි පරිදි ) සාදා ඇති අතර මළ පහ හෝ මුත්‍රා ඉවත් කිරීමක් නොමැත.මතක් වූ දිනයක නෑවීම සිදු කර ඇත්තේ වහලේ සෙවිලි තහඩුවක් ඔසවා වතුර බාල්දියක් බල්ලා කූඩුව තුළ සිටියදීම ගැසීමෙනි.ඔවුන් එතරම් රෞද්‍ර දරුණු යයි කී මේ සතා අප එහි ගොස් මුදවා ගන්නා තෙක්ම බිරුවේ වත් නැත.මෙතරම් අකාරුණික මිනිසුන් අද සමාජයේ වෙසෙනවාද යන්න සිතීමට පවා නොහැක.


නිවසේ ඇති දැඩි කරන බල්ලා මෙවන් හිරිහැර සහගත දිවියක් ගෙවන නමුත් ඔවුන්ට එය ගාණක් වත් නොවුනි.කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටි එම නිවසේ වැඩිහිටියන් සිහියේ තබා ගත යුතු කරුණ නම්,දරුවන්ට ඔවුන් ලබා දෙන ආදර්ශය මෙය නම් ඒ දරුවන් දිනක ඔවුන් බලු කූඩුවක සිර ගත කර මෙසේ තැබුවාට වරදක් ඇතිද යන්නයි…නිදහස් දිනයේ සැබෑ නිදහස ලැබු බල්ලා ඔහුයි.“

noizetv







No comments

Ads Place