Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් රථයක් පෙරලේ.. 13 දෙනෙක් රෝහල්ගත කෙරේ…

  බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි (22) දින ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ග...


 බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි (22) දින ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

(22) දින පස්වරු පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කොවිල අසලදිය.

තලවකැලේ ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි විම සදහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථයේ 18 දෙනෙකු ගමන් කර ඇති බවත් ඉන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව  නානුඔය පොලිසිය කියා සිටියේ.

අධික බැවුම් සහිත එම මාර්ගයේ බස් රථය ධාවනය වන අවස්තාවේ බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ඉදිරියට ඇදි ගොස් ඉදිරියෙන් ධාවනය වු බවුසර් රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

No comments

Ads Place