Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ…

  වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 900 ක් සහ ප්‍රසාද දිමනාවක් වශයෙන් රු 100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව (08) දින තිරණය කල බව ලංකා කම...

 


වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 900 ක් සහ ප්‍රසාද දිමනාවක් වශයෙන් රු 100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව (08) දින තිරණය කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් (08) දින විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදි කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු බවත්, මෙහිදි වතු සමාගම් වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු රු 565 ක් දක්වා ඉහල දැමිමට යෝජනාවක් ඉදිරිපත් කල බවත් , වතු වෘත්තිය සමිති සහ රජය මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ ප්‍රසාද දිමනා වශයෙන් රු 100 ක දිමනාවක් ගෙවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් වැටුප් පරිපාලක සභාවේ පැවති ජන්දනයෙන් වතු කම්කරුවෙකුට දිනකට රු දහසක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාවට ජන්ද 11 ක් ද වතු සමාගම් ගෙනා යෝජනාවට ජන්ද 8 ක් ලැබුණු බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට රු දහසක දෛනික වැටුපක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත වු නිසා එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනකට රු දහසක වැටුපක් ගෙවිය යුතු වන බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

වතු කම්කරුවන්ට රු දහසක දිනක වැටුපක් ලැබිම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්  සහ තමන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා (08) දින හමු වි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් සිය ස්තුතියද පල කල බව මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවසිය.

No comments

Ads Place