Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමු මිරිස් 1000 පනී.. වට්ටක්කා 250යි.. එලවළු මිල අහසේ..

  හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතා...

 


හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස දක්වා ඉහලගොස් ඇති බවත් එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් දක්වාද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් කැරට්, වම්බටු, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, එලබටු, වැනි එලවලු ක්‍රිලෝක රුපියල් 220ත් 260ත් අතර මිලකය විකිනෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙයට අමතරව බෝංචි, ලික්ස්, ගෙඩි ගෝවා, වැනි එලවලුද ක්‍රිලෝව රුපියල් 180ත් 220ත් අතර මිලකට විකිනෙන බවත් මෙම තත්වයන් මත එලවලු ගැනිමේදි තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවද එම ජනතාව පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමේදි අදහස් දක්වන එලවලු ගොවින් පවසනුයේ මෙම දිනවල එලවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.   

No comments

Ads Place