Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රධාන පාසැලක සිසුන් 06 කට කොරෝනා..

  බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , එම සිසු ...


 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , එම සිසු සිසුවියන් 06 දෙනාගේ දෙමව්පියන් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

බගවන්තලාව හොලිරොසරි දමිල විද්‍යාලයේ සිසුන් 03 දෙනෙකුට සහ කර්කස්වොල් වතු යායේ මැද කොටස් දමිල පාසලේ සිසුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

එම පාසල දෙකටම (23) දින අධ්‍යාපන කටයුතු සදහා ළමුන් එවිමෙන් දෙමව්පියන් වැලකි සිටිහ.

අසාදිත සිසුන් පදිංචි බගවන්තලාව චැපල්ටන් වතු යායේ සහ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ පදිංචිකරුවන් බවත්, එම සිසුන් 06 දෙනාගෙන් කිහිප දෙනෙකුගේ දෙමව්පියන් 10 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩි දුරටත් පැවසිය.

අසාදිතයන් සියළු දෙනා ගෘහස්ථ නිරෝධානයට යොමු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්පැවසිය.

මේ අතර කොවිඩ් 19 වෛරසය අසාදනය වු බගවන්තලාව හොලිරොසරි දමිල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකු තාවකාලිකව බගවන්තලාව ප්‍රදේශයේ නිවසක කුලි පදනම මත නතර වි අධ්‍යාපන කටයුතු සිදු කර ඇති අතර , ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග එම සිසුවියට නිවාස හිමියා විසින් ඇයගේ නිවසට යන ලෙස කල දැනුම් දි ඇත.

No comments

Ads Place