Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් දිවයිනට

  ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින කට...

 


ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් ප්‍රකාශ කර සිටිනවා.


මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 1.30ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණා. මෙම එන්නත් තොගය සමග ගුවන් මගීන් 14 දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද මෙම ගුවන් යානය තුළ විය.


මෙම එන්නත් තොගය ගුවන් යානය තුළ ද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කර රැගෙන පැමිණ තිබූ අතර කටුනායක ගුවන් තොටුපළේ දී මෙම එන්නත් තොගය ගොඩ බෑ සැනින් ද ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය.


ඉන්පසුව මෙම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කිරීම සිදු විය. 

No comments

Ads Place