Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ දිනයේ වාර්තා වුණා. මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙක්, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරි...


තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ දිනයේ වාර්තා වුණා. මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙක්, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක් සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 


ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 433 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 


මේ අතර, ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 506 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 78,937 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 72,566 ක්. ආසාදිතයින් 


5,938 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

No comments

Ads Place