Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් කිලෝ 03 ක් සමග සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට

  හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250 ක් සමග පුද්ගලයෙකු පිළියන්දල, මඩපාත, බටුවන්දර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ...

 


හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250 ක් සමග පුද්ගලයෙකු පිළියන්දල, මඩපාත, බටුවන්දර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අදාළ මත්ද්‍රව්‍ය තොගය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහු පිළියන්දල, මඩපාත, බටුවන්දර ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පෙදරේරුවෙක් බව ද පොලීසිය සඳහන් කළා. 


සැකකරු විසින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටි යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු විසින් ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට අයත් බවටයි මේවනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ. 


මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 118, 119 හා 1997 යන අංක අමතා එම තොරතුරු ලබාදෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

No comments

Ads Place