Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැයි වෙනකොට කොරෝනා එන්නත ගහලා ලෝකෙන්ම 03 වෙනවා.. දැන් 10 වෙනියා..

  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා මෙම අදහස් පල කරන ලදී. අද රට පත්වෙලා...

 


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා මෙම අදහස් පල කරන ලදී.

අද රට පත්වෙලා තියෙන තත්තවය ඒ වගේම ලෝක තත්ත්වය සැලකිල්ලට ගත්ව විට කොවිඩ් වසංගතය ලෝවපුරා පැතිරෙන අවස්ථාවේ තමයි මෙම සාකච්ඡාවට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. කොවිඩ් වසංගතයත් එක්ක රාජ්‍ය නායකයන් ද ගිලිහි ගිහින් තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි රාජ්‍ය නායකත්වය හා මහ මැතිවරණ ජයගත් පසු අපට තිබ්බ අභියෝග තමයි සෞභාග්‍යමත් දේශීය ගොඩනැගිම උදෙසා වන ජනතා අභිලාෂයන් 2/3 බහුතර පාර්ලිමේන්තු බලයක් සහිතව ඒ මහජනතාවගේ ජන වරමට සාධාරණ ඉටු කිරීමට ඔවුන්ව රැක ගැනීම සහ ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැංවීමයි අපේ ප්‍රථම අභිලාෂයයි.

රජය කරන සියලු කාරණා සත්කාරයක් ලෙස අවධානය යොමු කරනවාට වඩා විපක්ෂය සහ ජාත්‍යන්තර සමහර කණ්ඩායම් උත්සය කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජවසම්පන්න ගමන අඩාල කිරීම. අවුරුදු 30 යුද්ධය නිමා කිරීම තුළින් ඇමරිකාව යුරෝපය රටවල් අපිට ඉදිරිපත් කරපු යුධමය කටයුතු මැඩ පැවත්වීම නවතලා ඒ යෝජනා දේශීය ආකෘතියකින් ජනාධිපති සදාකාලික සාමයක් ගේන්න කටයුතු කරා.

විපක්ෂය අදත් ජනතාවගේ අවඥ්ඥාවට ලක් වෙනවා. දැවැන්ත යුධමයේදි පවා හාස්‍ය ජනක දේ සංග්‍රහ කරනු ලබයි. කොවිඩ් වසංගතය තුළදි ද රජය ගන්නා ක්‍රියාමාර්ගවලදි අප කෙරෙහි දක්වන හාස්‍ය ඔවුන් නොබෝ දිනකින් ලබා දීම සදහා ආපසු මාධ්‍ය මිතුරන්ට මෙවා ප්‍රවේසමෙන් තබා ගන්න කියලා කියනවා. කොවිඩ් වසංගතය තුළදි කුඩා ආර්ථිකයක් තියෙන ශ්‍රී ලංකාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කර ආකාරය බොහෝ දෙනා ලොක් ඩවුන් කර මාස 05 කියවමින් මේ වසර තුළ කර කාර්යය කුමක්ද කියලා හාස්‍ය ලෙස විමසීම් කරනවා.

මේ රජය මේ කරන ක්‍රියාධාමය පිළිබඳව උපෙක්ෂාවන් බලන්න කියා. දියඹේ ආර්ථිකයක් තියෙනවා. සේද මාවතේ තියෙන දියඹේ ආර්ථිකය ගොඩනැගිම වෙනුවෙන් කරන්න ඕනේ ධිවර සම්පත්වල හා වරාය සම්පත්වල ඒ ආර්ථිකය ගොඩනැගිමයි. වාරය තැනින් තමයි ආර්ථිකය ගොඩනගන්න වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකාව එකතු කර ගනිමින් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබුණා. අපට අවශ්‍යතාවයක් තියෙනවා නැගෙහිර පර්යන්තයත් බටහිර ජැටියත් දියඹේ ආර්ථකය අත්පත් කර ගැනීමයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ තැබිනට් මණ්ඩලය හා විෂය භාර ඇමතිතුමා මේ වරාය සම්බන්ධයෙන් එක්තරා කථිකාවතක් සිදුකර තිබුණා.

මැණික් ආර්ථිකය ලෝකය සමහර රටවල් ගොඩනගා ගෙන තියෙනවා. උදාහරණ අපේ රටේ මැණික් ලෝකයේ වෙනත් රටවල්වලට කුණු කොල්ලයට රැගෙනගොස් ආර්ථිකයක් ගොඩනගාගෙන තිබෙනවා. මැණික කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් මැණික් කුලුණක් සාකච්ඡාවට පැමිණියා. එය නියම ජාත්‍යන්තර මිලට අලෙවි කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක් තමයි මැණික් කුළුනෙන් සිදු කරන්න හැදුවේ. තෙල් ටැංකි පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. 2003 කාලයේ දී එක්සත් ජාතික පක්ෂය පැවති රජය විසින් අවුරුදු 35 කාලයක් බදු දීමක් සිදු කර තියෙන අවස්ථාවලදි තෙල් ටැංකි වලින් ආර්ථිකයක් ගොඩනගා ගන්න වුණේ නෑ. අපේ ලොකු ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ඛණිජ තෙල් ආර්ථිකය විශේෂයෙන් අවශ්‍යතාවයක් තියෙනවා.

මෙවැනි අන්දමට විදේශීයන්ට ලබාදුන් සම්පත් ලබා ගැනීමයි අපේ අවශ්‍යතාවයක් තියෙනවා. ඛනිජ තෙල් ටැංකි 99න් 15 ක්‍රියාත්මක තත්වයේ තියෙන්නේ. අපිට මෙකෙන් ආදායමක් නෑ. සුද්දෝ හදල තිබ්බ තෙල් ටැංකිවලින් ආර්ථිකයක් ගොඩනගා ගෙන නෑ. කොවිඩ් වසංගතය පිළිබඳව ගත් විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝකේ කිසිම රටක ආදර්ශයක් දි තිබ්බේ නෑ. ජනාධිපතිතුමා කොවිඩ් ත්තවය සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් හදලා ඒ නිගමනයන් ලබාගෙන නිර්දේශ මතයි අනෙකුත් සෙසු ආර්ථිකයන් සිදු කරනු ලැබුවේ. අපි මුදල් ගෙවලා මේ එන්නත් ලබා ගැනීම සඳහා ගිවිසුමකට පැමිණ තියෙනවා.

අපි යොජනා කරනවා ලබන මැයි මාසය වන කොට අපේ රටේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් කියලා. මෙරට කොවිඩ් පිළිබඳව තියෙන බියජනක තත්වය පහව යනවා. ලොකයේ තියෙන සෞඛ්‍ය අතින් විශිෂ්ඨතම රටවල් 3 අතරට පත්වෙනවා. දැන් අපි ඉන්නේ 10 වන ස්ථානයේ. වෛද්‍ය අංශයට හා සෞඛ්‍ය අංශයට සුභ පතනවා මේ අභියෝගවලින් ජයගන්න. අධිකරණ අංශයේදි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

No comments

Ads Place