Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන් එහෙම කිව්වේ මගෙ බොක්කේ ලව් එකක් නිසා – චන්ද්‍රසිරි බණ්ඩාර වැරදි නිවැරදි කර ගනී (VIDEO)

  පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා බහට ලක්වුණු චරිතයක් තමයි ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා. ඒ එතුමන් විසින් සහභාගී...

 


පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා බහට ලක්වුණු චරිතයක් තමයි ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා.

ඒ එතුමන් විසින් සහභාගී වුණු රූපවාහිනී වැඩසටහනක් නිසාවෙන්. කෙසේ නමුත් noizetv යූටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැවතත් සිය අදහස් පළ කර තිබුණා.


මෙම වසංගත තත්වයන් සමඟ මෙම වසර මුළු මහත් පෘථිවියම සහමුලින්ම ආර්ථිකව බිඳවැටෙන බවත් මේ හේතුවෙන් වෘත්තීන් බිඳවැටෙන බවත් රාජ්‍ය පාලනය තුළ ජනතාවට ලබා දිය යුතු පහසුකම් ලබා දීමට නොහැකි නිසාවෙන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වන බවත් එතුමා සඳහන් කර සිටී

2015 වසරේ දී තමා විසින් සිදුකළ අනාවැකිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඒ මොහොතේ තමා ආදරය කරන දේශපාලන නායකයා වෙනුවෙන් පමණක් පෙනී සිටි බවත් එය තමාගේ බොක්කේ ලව් එකක් බවත්ය..  එමෙන්ම රජුන් තැනීමට උපදෙස් ලබාදීම සුදුසු වුවත් රජ වූවාට පසු උපදෙස් ලබා දීම නුසුදුසු බවත්  රජුන්ට උපදෙස් ලබා දීමට ඊට වඩා උසස් තලයකට පැමිණිය යුතු බවත් තමා වැනි සාස්තර කාරයෙක් වූ ඊට නුසුදුසු බවත් හෙතෙම කියා සිටී.

තමාගේ සීමාව තමන් විසින් දන්නා බවත් නින්දා අපහාස ලැබෙන බව දන්නා බවත් නමුත් ආදරය සහ යුද්ධය වෙනුවෙන් ඒ සියල්ල කැප කරන බවත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

එමෙන්ම දෙරණ මාධ්‍ය ආයතනය ජඩ මාධ්‍යයක් බවත් තමා විසින් එම වැඩසටහනේ දී ප්‍රකාශ කළ  අදහස් කිහිපයක් ඔවුන් විසින් ප්‍රචාරය නොකළ බවත්  ඔහු විසින් කියා සිටියා. ඒ කැත නාමයෙන් ගැලවෙන්න නම් තමා විසින් ලබාදුන් විනාඩි තිස් දෙකකින් යුත් ප්‍රකාශයන් ඇතුළත් සම්පූර්ණ වැඩසටහන විකාශය කරන ලෙසත් ඔහු දන්වා සිටී.


එමෙන්ම දෙරණ මාධ්‍ය නාලිකාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ තරහකින් සිටිනා බවත් වෙනත් කුමන හෝ පුද්ගලයෙකු ඔසවා තැබීමට දෙරණ මාධ්‍ය ආයතනය කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම මේ රටේ දෙරණ බලන මිනිස්සුන්ට වඩා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන පිරිස වැඩි බවත් හෙතෙම සඳහන් කර සිටී.



සමාජගත කර තිබුණේ විනාඩි හයකට විකෘති කරන ලද වීඩියෝ පටයක් බවත් ඒ හරහා තමාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අදහස් දැක්වූ සම්පූර්ණ වීඩියෝව පහතින්.


noizetv

No comments

Ads Place